සීනි අඩු කරන්න අලුත් බද්දක්

පැණිබීම වල සීනි ප්‍රමාණය අවම කිරිම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජික සේනාරත්න මහතා පවසයි.

සීනි පරිභෝජනය අවම කිරිම සඳහා පැණිබීම වර්ගවල ග්‍රෑම් 06ට වඩා සීනි තිබේනම් සෑම ග්‍රෑමයකටම රුපියලක බද්දක් අය කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිව ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.

අරලියගහ මන්ඳිරයේ පැවැති හෙද ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයකට එක්වෙමින්  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ මියයන පුද්ගලයින්ගෙන් සියයට 70ක් ම මියයන්නේ බෝ නොවන රෝග හේතුවෙන් බැවින් මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.