ලොව පුරා බෞද්ධ නායකයින් ඉදිරියේ හිටපු ජනපති මහින්ද කිව්ව දේ

නව ව්‍යවස්ථාව සැකසීමේදී බුද්ධාගම සම්බන්ධයෙන් පවතින වගන්තිවල කොටස් ඉවත් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සහ දරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
එසේ කළහොත් මෙරට සමාජ ව්‍යුහය වෙනස් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉන්දියාවේ අවුරංගාබාත් දෙවන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
දෙවන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අවුරංගාබාත්හිදී ආරම්භ වුණා.
ලොව පුරා විසිරි සිටින මහා සංඝරත්නය, ඉන්දීය ප‍්‍රාන්ත ඇමතිවරු ඇතුළු බෞද්ධ නායකයින් රැසක්  මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.