තිගාම්බරම් සමඟ අගමැතිගේ උත්සවය ඉතිහාස ගතවෙයි

ඉතිහාසය වෙනස් කරමින් වැවිලි ප්‍රජාවට නිරවුල් ඔප්පු  ප්‍රධානය කිරීම අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සිදු කෙරිණි.
ඒ ඊයේ (29)  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේදීය.
“අපටම අයිති ඉඩමක් – අපටම අයිති නිවසක්” යන්න තේමා කර ගනිමින් වැවිලි ප්‍රජාවට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව පැවසීය.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විෂය භාර අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන්, පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්වන එම් තිලකරාජ්, අරවින්ද කුමාර්, වඩුවෙල් සුරේෂ්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ලේකම් රංජිනි නඩරාජපිල්ලෙයි මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මඟින් මේ වන විට නිවාස 5000 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉදිකර අවසන් බවත් එම නිවාසලාභීන්ට මෙන්ම ඉදිරියේදී නිවාස ඉදිකරන සියළුදෙනාට පර්චස් 07 ක ඉඩම සහිත මෙම නිවස සඳහා නිරවුල් ඔප්පු හිමිවන බවත් පැවසීය.
අද මෙලෙස නිරවුල් ඔප්පු ලබාදීමේ තෙවෙන අදියර ක්‍රියාත්මක කළ අතර ඉදිරියේදී වැවිලි ප්‍රජාව ජීවත්වන සෑම දිස්ත්‍රික්කයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.