“අනාගමික සංකල්ප සුදුසු නෑ” – අගරදගුරු මැල්කම් රංජිත්

අනාගමික සංකල්ප ශ්‍රී ලංකා සංස්කෘතියට නොගැළපෙන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළහ.
මීගමුව ප්‍රදේශයේ පෙරේදා (28) පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දැක්වීය.
“අද වෙනදාට වඩා ශ්‍රී ලංකාව තුළ සාමය ජනිත කරවීමේ අවශ්‍යතාවක් උදා වෙලා තියෙන කාලයක අපි තේරුම් ගනිමු දයාබර සහෝදර සහෝදරියනි, ඒවගේම දයාබර දේශපාලන මේ රටේ නායකයිනි, ආගම,ධර්මය සමාජයෙන් ඈත් කරලා මිනිස්සුව සාමකාමී වාතාවරණයකට ගෙනියන්න බෑ.මොන ආගම ඇදහුවත් ඒ ආගම හොඳට අදහන්නට අවශ්‍ය පරිසරය රට කරවන දේශපාලන නායකයෝ ඒ පරිසරය ආරක්ෂා කරන්න සහයෝගය දැක්විය යුතුයි.ඒ නිසා අනාගමික සංකල්ප අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ.”