හොරට මැණික් ගැරූ 4ක් දැලේ

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ ජල පෝෂක ප්‍රදේශයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සිව්දෙනෙකු අත්අඩංගුව ගෙන තිබේ.
බගවන්තලාව පොලීසිය මඟින් ඔවුන් අද (24) දිනයේ සැකපිට අත්අඩංගුව ගත් බව පොලීසිය පවසයි.
සැකකරුවන් සමඟ මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලීසියට භාරයට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් සිව්දෙනා පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඔවුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.