අන්තර් මෝසම් කාලගුණය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වන බවද අදාළ නිවේදනයේ දැක්වේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදැසන කාලයේ දී ත් වැසි ඇති විය හැකි බව සඳහන්ය.

නැගෙනහිර සහ ඌව පළාත්වල සමහර ස්ථාන වලට තරමක් තද වැසි (මිලී මීටර් 50-75 පමණ) ඇති විය හැකිය.

මේ අතර ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.