දූෂණ චෝදනා ලැබූ රත්තොට පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

ග්‍රාම නිලධාරිනියක දුෂණය කිරිමේ චෝදනාවට ලක්ව සිටින රත්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කපිල සෙනරත් දිසානායක වැඩ තහනමකට ලක් කර තිබේ.
පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඊයේ(18) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියා වැඩතහනමකට ලක් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
පොලිස් පරික්ෂක කපිල සෙනරත් දිසානායක උඩුදුම්බර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදී පසුගිය අප්‍රේල් මස 09 වන දින හෝ ඊට ආසන්න දිනක රාත්‍රී කාලයේ උඩුදුම්බර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක දූෂණය කළ බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
ඊට අදාලව පැවැත්වෙන විමර්ශනයට අදාළව මෙම වැඩතහනම සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
සැකකාර පොලිස් පරික්ෂකවරයා සිද්ධියට අදාළව පසුගිය 11 වනදා අත්අඩංගුවට ගත් අතර තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහැරිනු ලැබීය.