සෞඛ්‍ය-අධ්‍යාපන ඒකාබද්ධ වැඩ වර්ජනයක් කළ යුතුයි

සයිටම් අර්බුදය විසඳා ගැනීම සඳහා ඉදිරියේදී සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ ඒකාබද්ධ වැඩ වර්ජනයක් ආරම්භ කළ යුතු  බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.
එහි සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා සඳහන් කළේ මේ සඳහා ගුරුවරුන් විසින් දැවැන්ත කාර්යභාරයක් සිදුකළ යුතු බවයි.
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේය.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනුවට නව දේශපාලන ක්‍රමයක් බිහි කිරීමේ කාලය එළඹ ඇති බවයි.