විද්‍යා නඩු තීන්දුව දෙමින් විනිසුරු ඉලන්චේලියන් ඇමති විජයකලා විවේචනය කරයි

විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ක්‍රියා කලාපය අනුමත ‍කිරීමට නොහැකි බව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් යාපනය මහාධිකරණයේදී පැවසුවා.

යාපනය පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා එලෙස පැවසුවේ. දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් නමැත්තා නිර්දෝෂි කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග අනුමත නොකරන බවයි විනිසුරුවරයා එහිදි සදහන් කළේ.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන  ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල විසින් විද්‍යා ඝාතන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ස්විස් කුමාර් මෙම ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් පැවසූවේ  “කයිට්ස් පොලිසිය මගේ මල්ලි අත්අඩංගුවට ගෙන යාපනයට අරගෙන ගියා. මම මල්ලි බලන්න යන අතරමගදි වේලනෙයි ප්‍රදේශයේදී මිනිස්සු අල්ලගෙන මාව ලයිටි කණුවක ගැට ගහලා පහරදුන්නා. ඒ වෙලාවේ විජයකලා මැඩම් එතනට ආවා. ඇවිල්ලා ඔයා සශිගේ අයියාද කියලා ඇහුවා. එහෙම අහලා එතන හිටපු මිනිස්සුන්ට කිව්වා මෙයාට පහරදෙන්න එපා කියලා. එහෙම කියලා විජයකලා මැඩමි පැය දෙකක් විතර එතන හිටියා. පස්සේ මගේ ‍නෝනයිල මගේ අම්මා එතනට ඇවිල්ලා මිනිස්සුන්ට කිව්වා මාව බේරන්න කියලා.” යනුවෙනි.