ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරනවා

වත්මන් ආණ්ඩුව දිගින් දිගටම ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර ඡන්දය කල් දැමීමේ කිසිඳු කුමන්ත්‍රණයක් නොමැති බව සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය එස්.බී දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර කාලය ඉකුත් වන පළාත් සභා, ආණ්ඩුකාර පාලනයකට යටත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන්නේ දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ආණ්ඩුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරාගනිමින් සිටින බවයි.