ළිදෙන් මළ සිරුරක් මතුවෙයි

සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මීරිගම, හකුරුකුඹුර ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී සෙයාගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත මීරිගම පොලීසිය  විසින් එම මළ සිරුර සෙයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මියගිය පුද්ගලයා මීරිගම, හකුරුකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු කලක සිට අසනීප තත්ත්වයේ සිට ඇති බව සඳහන්ය.

එම පුද්ගලයා මිට දින කිහිපයක සිට අතුරුදන්ව සිට ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.