යතුරුපැදියක ගැටී කතක් මරුට

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ කොළඹගේආර විද්‍යාලය අසල දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.
යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
 අනතුරින් බරපතල තුවාල ලැබු අදාල කාන්තාව ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ ඇඹීලිපිටිය, ගඟේයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක්ය.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර උඩවලව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.